Total Pageviews

Powered by Blogger.

Blogger templates

Search This Blog

Archive for 2013

සඳ දිය දෝත දහ හත

ඔබයි මමයි....

මා, මගේ ලොව තනි වුවත්...
ඔබට, ඔබේ ලොව තනිවිය නොහැක..
මන්ද,
ඔබ අඳුරු සිසිවත නම්
මා එහි සාමුව සේ එළිය ගෙනෙම්..
ඔබ සුසිනිඳු මලක් වී නම්
මා එහි සුවඳ රොදක් වෙම්..
වැලිකතර ඔබ නම්
දිය උල්පත මා වෙම්..
ඔබේ සෙනෙහස මගේ නම්

මගේ දිවි පුදන්නම්..

සඳ දියෙන් දෝත දහසය

ඔයා...

ජීවිතේ ගැන
මොකක්දෝ ගැඹුරු දෙයක් ඔයා,
ඔයාගෙ ඇස් දෙකෙන් කිව්වා...
ඔයා කතා කරන වචන වලින්
ඔයා හිතපු ගැඹුරු දේවල් පෙනුණෙ නෑ..
ඒත්...,
නැවතිල්ලලෙ ඔයා ගැන හිතපු මට තේරුණේ,
ඔයාගෙ නියම ස්වරූපෙ
ඒ ඇස්වලවත්, වචන වලවත්
තිබුණෙ නෑ කියලා....
දන්නවද ඇයි කියලා.....
ඔයාගෙ ඔය අඩන හිත හංගගෙන,
ඔයා ලෝකෙට පෙන්නුවෙ
දරුණු හිතක්....

ඔයාගෙ හිත මං කියෙව්වා...

සඳ දිය පළෙස් වන දිය දෝත

නොදැනුනාට කම් නෑ
රසාස්වාදය සංගීතයේ
ඇසේනම් මට, ඔබේ හඬ...
නොපෙනුනාට කම් නෑ
වණ්වත් මල් වල මිහිර
රැඳේනම් ඔබෙ රුව
මගේ දෑසේ..
නොලැබුණත් මා හට
නොඉල්ලමි කිසිවකුගෙන්,
කිසිවකුත්, කිසිදිනෙක...
ඒත් ඉල්ලමි ඔබෙන් නම් මම


ඔබේ පිවිතුරු ආදරේ...

සඳ දිය දෝත දාහතර වන දිග හැරැම

පුංචි සමනළයෝ...

සෙනෙහසට සෙනෙහසක් එක් කළ
පුංචි සමනළයා ඔබයි මගේ...
හද නමැති මල් උයන
ඔබයි මගේ හැඩකළේ..
පියාඹන්න ඇති තරමක්
රොන් උරමින් මල් අතරේ...
අඩනවා මං ගියොතින් නම්,
උයන අතෑරලා මගේ..
එන්න දෙන්නෙනම් නෑ ආයෙම
කාටවත්ම

මල් උයනට මගේ...

සඳ දිය දෝත දහතුන

අහිමි සුවඳ.....

සුවඳ දැනී පුංචි මලක
මා ගිය කල සුවඳ දිගේ..   
පිනි බිඳුවක් වැනි කඳුලක්
දඟකම් කළා නෙතේ..
සිතිනුත් පැතුවා
කර ගන්නට ඒ මල මගේ..
එසැණින් දුටුවා
මලට පෙම් කළ
පිංවත් බඹරා
මල් උයන්තෙරේ.....
සමාවදෙන්නම් පුංචි මලේ
මල් සුවඳ මට නොදී

ඔහුට පිදුවාට....

සඳ දිය දෝත දෙළස්වන දිගහැරුම

දුකම පමණක් දැනේවී..

සිතින් සිතන්නටත්
නොහැකිතරම් දුර,
ගියා ඔබ මගෙන් වෙන් වී...
ගෙනෙන්නට එපා ඔබ මට
නැවත ඔබේ සෙනෙහස...           
කදුළැල් දෙකොපුල් සිඹීවී...
ආදරෙන් කියන්නම්,
එන්නෙපා ආයෙම
රුදුරු මගෙ දිවියට
දුකම පමණක් දැනේවී...
කළේ ඔබ නපුරුකම
අහිංසක මගෙ හිතට
දරාගන්නට නොහැකි දිනයක..

මමත් දිවියෙන් සමුගනීවී....

සඳ දිය දෝත එකෙළහ

පුංචි කදුළ......

නිශා ඉම්තෙර මා වූ සද,
හිත් පහන් කළ සරා සද
ඔබම විය....
උදක පොදක සිසිල නොදුටු
දැවෙන කතර මා වූ සද,
එකතරට සිසිල ගෙනා
පිනි බිංදු ඔබම විය...
සොයා ගිය සෙනෙහසට
සෙනෙහසක් එක් කළ
නෙතේ රැදුණු පුංචි කදුළ
අද මගේ වෙලා...
දෙනෙත පුරා රැදී ඉන්න...
හැමදාම ඒ කදුලට
මං ආදරෙයි....

සඳ දිය දෝත දහය

පුරා දස වැන්නක් මා සමඟ නිබද රැදි නුබට තුති මල්

මලගම් ගිය අමාවකේ
සඳ නැති රැ තරු ගනින්න
සුරංගනා සිහින පමණි
නුඹ නැත අද මට දකින්න
හිරු කිරණින් එළිය අරන්
මගේ ලොවට සදක් වෙලා

නුබ එනවද මං බලන්න

9 සඳ දිය දෝත

අපි එන මේ දිවි කතරේ.....
අපි යන මේ දිවි ගමනේ....
නැතුනු මේ අම්බලමේ....
දුක පමනයි ඉතිරි උනේ....

සඳ දිය දෝත 8

කදුළු වැල නුබ නිසල මගෙ නෙත
සසල කරවු
සිහින වැල නුබ සොඳුරු මගෙ සිත
දුකින් පිරවු
සිනා පොද නුබ
මා පවා මට අහිමි කරවු
පෙම්වතා නුබ විසල්

මගේ පෙම කඩා ඉහිරු

සත් වැනි සඳ දිය දෝත

සතුටින් රෝස පැහැගන්ට
පෙරුම්පිරු දෙකොපුල්
වේදනාවෙන් සුදු මැලි වුවාද
සෙනෙහසින් දිලෙන්නට
පෙරැම්පිරු දෙනුවන්
කදුලින් බෙඳව ගියාද
පහන් අලෝකයැයි සිතු
යෞවනය
සරදමක් වුවාද
සුන්දර යැයි සිතු ජිවිතය

නුඔ විසින් ජය ගත යුතුයි


සය වැනි දිය දෝත


විටක කදුළින් පිරි තිබුනත් ජිවිතය හරි ලස්සනයි
කොතෙක් දෙවල් සිතින් පැතුවත් එය බෙහොවිට නිෂ්පලයි
මෙලොව හමුවන බෙහො දෙවල් යලිත් දිනයක වෙන්ව යයි

අන්තිමේදි ඉතිරි වන්නේ හදේ රුන්දු මතකයයි......

පස්වන දිය දෝත

සිහිනයෙන් යථාර්ථයට, නැවත සිහිනයට..
බොළඳ සිහිනයෙන්
මිදුණු මා හට
ගලා ගිය කඳුළු කැට
නොහැකි විය,
නතර කරගත...
ඔබේය කිව හැකි වුවත් මා,
මගේය කිව නොහැක මම..
මගේය ඔබ, මම කීවත්,
කිව හැකිද එය ඔබට..?..
මෙය අරුමයකි
සිත පුදුමයකි
ජීවිතයේ යථාර්ථයෙන්
දුරස් වන්නට සිතන
හැම වරෙකම
ඔබ ඇවිත්
මා සොයා යළි
වෙමින් ඔබ මගේම
දැවටෙයි සිත අද්දරම...
ජීවිතේ යථාර්ථයෙන්
ගලා ගිය කඳුළු බිඳු
මගදි නවතී නිසසලව...
නැවත ගලයි බිඳු කඳුළු...
සිහින ලොවේ, ඔබ මැවූ,

නතර වෙයි යළි මගේ සිත...

සිව්වන දියවර


සිහි කරන්න, ළඟින් ඉන්න..

මල් ඉත්තක පිපුණු මලක්
අද මේ ලොව තනි වෙලා...
ළඟින් උන්නු පුංචි මලත්
වෙන කාටද ළං වෙලා...
රෑ තුනයම තනි රකින්න,
ඔහු ආවට මා සොයා...
පුංචි මලේ හිත, නැත ළඟ
ඔහු කාටද රැවටිලා....

කමක් නැතේ , පුංචි මලේ
දුන්නට ඔබෙ සෙනෙහෙ සුවඳ..
රවටන්නට එපා මලේ
තනිවුණු ඒ ඔබේම මල...
පෙති කැඩිලා විසිර යාවි
එහෙම උනොත්, ඔබෙ සුදු මල,
ඔබෙ සුදු මල, ඒ මා බව,
සිහි කරන්න, ළඟින් ඉන්න...

තෙවන දියවර


සෙනෙහසද....???...

අතරමං වූ වැලි කතරේ

මිර්ඟුවද නුඹ

සොයා එන මා රවටනා...,

විකසිත පුෂ්පයට

සෙනෙහෙ පිනි එක් කළ...?..

නොදැනේද තව නුඹට

පිදූ සෙනෙහස මා...?..

රැවටුනොත් විඳවමී....

විඳවලා සැනෙසෙමී....

නමුදු මා නොදනිමී....

සෙනෙහසද මෙය කියා....

සඳ දියේ දෙවන දිය දෝත


සංවේදනා...

ජීවිතේ ගෙවා ආ මඟ,
සොයාගත් මගෙ මැණික
ළඟ නැතුව, එදා මෙන්
පාරවයි සිත මගේ...

සොයා යන්නට ගවු ගණන් දුර
නොහැකි වී ඇත, එදා මෙන්..
වෙහෙස වී ඇත මගෙ ළයම,
ළය පිරුණු හැඟීමෙන්...

සඟවගත් මගෙ මැණික
සිත පිරුණු ආදරෙන්..
කොහිද ඔබ හැංගුනේ...
දවා මා මේ ලෙසින්....

ජීවිතේ සංවේදනා
ගලා යයි නෙත් දෙකින්..
කිසිවෙකුත් නැත අද
පිසලන්න ඒ කඳුළු..

තනි වේවි හැමදාම
ඔබ නොමැති ශෝකයෙන්...
කවදාද එන්නෙ ඔබ,
ආදරේ මට අරන්...???...

- Copyright © සඳ දියෙන් දෝතක් - Skyblue - Powered by Blogger - Designed by Johanes Djogan -