- Back to Home »
- පස්වන දිය දෝත
Posted by : Unknown
Thursday, November 14, 2013
සිහිනයෙන් යථාර්ථයට, නැවත සිහිනයට..
බොළඳ සිහිනයෙන්
මිදුණු මා හට
ගලා ගිය කඳුළු කැට
නොහැකි විය,
නතර කරගත...
ඔබේය කිව හැකි වුවත් මා,
මගේය කිව නොහැක මම..
මගේය ඔබ, මම කීවත්,
කිව හැකිද එය ඔබට..?..
මෙය අරුමයකි
සිත පුදුමයකි
ජීවිතයේ යථාර්ථයෙන්
දුරස් වන්නට සිතන
හැම වරෙකම
ඔබ ඇවිත්
මා සොයා යළි
වෙමින් ඔබ මගේම
දැවටෙයි සිත අද්දරම...
ජීවිතේ යථාර්ථයෙන්
ගලා ගිය කඳුළු බිඳු
මගදි නවතී නිසසලව...
නැවත ගලයි බිඳු කඳුළු...
සිහින ලොවේ, ඔබ මැවූ,
නතර වෙයි යළි මගේ සිත...
හැමදාම වගේ ලස්සන කවියක්. කියන්න වචන නෑ. හරිම ලස්සනයි නන්ගි
ReplyDelete(හර්කියුලිස්)