- Back to Home »
- සඳ දියේ දෙවන දිය දෝත
Posted by : Unknown
Thursday, October 31, 2013
සංවේදනා...
ජීවිතේ
ගෙවා ආ මඟ,
සොයාගත්
මගෙ මැණික
ළඟ
නැතුව, එදා මෙන්
පාරවයි
සිත මගේ...
සොයා යන්නට ගවු ගණන් දුර
නොහැකි වී ඇත, එදා මෙන්..
වෙහෙස වී ඇත මගෙ ළයම,
ළය පිරුණු හැඟීමෙන්...
සඟවගත්
මගෙ මැණික
සිත
පිරුණු ආදරෙන්..
කොහිද
ඔබ හැංගුනේ...
දවා
මා මේ ලෙසින්....
ජීවිතේ සංවේදනා
ගලා යයි නෙත් දෙකින්..
කිසිවෙකුත් නැත අද
පිසලන්න ඒ කඳුළු..
තනි
වේවි හැමදාම
ඔබ
නොමැති ශෝකයෙන්...
කවදාද
එන්නෙ ඔබ,
ආදරේ
මට අරන්...???...
ලස්සනට ගොතන පදවැල් .... මිනිස්සුන්ගේ ජිවිත වලට ආලෝකයක් ගෙනාවා ... එත් .. සමහර මිනිස්සුන්ගේ ජිවිත ඒ නිසා අදුරට වැටෙනවා ... එතකොට ඒ ලියන පන්හිදම ඒ මිනිස්සුන්ගේ ජිවිත වලට එරෙහි වෙනවා ... ලස්සනයි මේක ...
ReplyDelete