- Back to Home »
- සඳ දිය දෝත දහනවය
Posted by : Unknown
Thursday, January 2, 2014
නුඹ...
නිරුදක බිම්කඩට
උදක පොදක් වූ නුඹ..
දුන්නා නුඹේ සෙනෙහස
පුලින බිම්කඩ
කෙම් බිමක් කරනට....
හැකිවුනා නුඹට
අමාවක අහසක් අද්දර
පුර සඳක් වෙලා පායන්න..
සුසුම් හෙළන මගෙ දිවිය
දෝතින්ම පිළිගන්න
හැකිවුනා එය නුඹට...
ඉතින්,
නුඹ අහසක්
වාගෙ යැයි සිතන්නට
නොපැකිළෙමි අදත් මම..